fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නුවරවැව අසල සිදුවූ රිය අනතුරකින් 4 කට තුවාල

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 13:18

නුවරවැව අසල සිදුවූ රිය අනතුරකින් 4 කට තුවාල

අනුරාධපුර මිහින්තලය ප්‍රධාන මාර්ගයේ නුවරවැව අසලදී ත්‍රිවිල් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනුරාධපුර සිට මිහින්තලය බලා ගිය යතුරු පැදියක් බස් රථයක් පසුකර යාමට උත්සාහ දැරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිවිල් රථයක් හා මුහුණ මුහුණ ගැටිමෙනුයි අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් යතුරුපැදිකරු හා ත්‍රි රෝද රථයේ පැමිණි පුද්ගලයින් ඇතුළු හතරදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරික්ෂණ අනුරාධපුර පොලිසිය මගින් සිදු කරනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්