fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේදී අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයින් අතර ශ්‍රී ලාංකිකයින් පිරිසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 11:06

තුර්කියේදී අත්අඩංගුවට ගත් සංක්‍රමණිකයින් අතර ශ්‍රී ලාංකිකයින් පිරිසක්

අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් පිරිසක් තුර්කියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ අතර  ශ්‍රී ලාංකිකයින් ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනවසරයෙන් ඇතුළු වූ  සංක්‍රමනිකයින් 558 දෙනෙකු තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර සිරියානු සංක්‍රමණිකයින් 51ක් ද ඇෆ්ගන් සංක්‍රමණිකයින් 22 නෙකු ද පාකිස්තානය, බංග්ලාදේශය ඇතුළු තවත් රටවල් කිහිපයක සංක්‍රමණිකයින් ද වන බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික පිරිස කොතෙක් ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ. 2018 වසරේ දී  තුර්කියට අනවසරයෙන් ඇතුළු වූ සංක්‍රමණිකයින් දෙලක්ෂ හැට අටදහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි තුර්කි මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo