ශ්රී ලංකාව සමඟ ශක්තිමත් සබදතාවක් පවත්වා ගනිමින් ඉදිරියට යාමට නව වසරේ අපේක්ෂා කරන බව අලුත්අවුරුදු සුබපැතුම් එක්කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සදහන් කරනවා.
එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ ප්රකාශක මෝගන් ඕටගස් ප්රකාශයක් කරමින් සදහන් කරන්නේ ඉදිරි වසර තුල ශ්රී ලංකාව සහ ඇමෙරිකාව අතර හවුල් අභියෝග ජය ගැනිමට අපේක්ෂා කරන බවයි.
උපුටා දැක්විම,
ඉන්දු පැසිෆික් කලාපය මත පදනම්ව එක්සත් ජනපදය හා ශ්රී ලංකාව අතර පුළුල් සබදතා මත පදනම් වන ශක්තිමත් ප්රජාතන්ත්රවාදී මුලධර්ම හා ස්ථාවර ආරක්ෂිත හවුල්කාරිත්වයක් තිබෙනවා. ඉදිරි වසර තුල හවුල් අභියෝග ජය ගැනිම සදහා මෙම සහයෝගිතාව ගොඩනැගිමට අපි බලාපොරොත්තු වෙනවා. සුරක්ෂිත හා සමෘද්ධිමත් නව වසරක් සදහා ඇමෙරිකානු ජනතාව මෙන්ම එක්සත් ජනපදය වෙනුවෙන් මම සියලු ශ්රී ලාංකික ජනතාවට ප්රීතිමත් අලුත් අවුරුද්දක් ප්රාර්ථනා කරනවා.