fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කතානායකතුමාගේ අලුත් අවුරුදු සුභාශිංශන පණිවුඩය

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:07

කතානායකතුමාගේ අලුත් අවුරුදු සුභාශිංශන පණිවුඩය

පොදුවේ අවුරුදු සැමරුම සමඟ එක්වීම සංහිදියාව පිළිබඳ වැදගත් ආදර්ශයක් සපයන බව කතානායක කරූ ජයසූරිය මහතා සිංහල හා හින්දු අලුත් අවුරුදු සුබපැතුම් එක් කරමින් පවසයි.

නිවේදනය මෙසේ ය,

මිනිසා අනාදිමත් කාලයක් පුරා සොබාදහම සමඟ කරන ලද ගනුදෙනුව යම් ශිෂ්ටාචාරයක සංස්කෘතිය තුළින් විද්‍යාමාන ‍වේ. කෘෂිකර්මය ජීවනෝපාය කරගනිමින් පරිසරය සමග සාධාරණ භක්තිමත් සබඳතාවක් පැවැත්වූ පෙරදිග ශිෂ්ටාචාරයේ මිනිසුන් තමන්ද සොබාදහමේ කොටසක්ය යන්න තේරුම්ගනිමින් පලකළ කෘතවේදි හැඟීම් සමුදාය සූර්යය වන්දනාව මඟින් නිරූපණය වෙයි.

පෘථිවි තලයේ සමස්ත ජීවයේ පැවැත්ම ‍සූර්යයා කෙන්ද්‍ර කරගෙන පවතින්නේය යන යතාර්ථය දුරාතීතයේ සිටම අවබෝධ කරගත් ශ්‍රී ලාංකික අපේ මුතුන්මිත්තන් එම විශ්වාස පදනම් කරගත් වත් පිළිවෙත් ඉටු කළහ. අපට උරුම එම අනන්‍යයතාවයන් මූර්තිමත් කෙරෙන සිංහල හින්දු අළුත් අවුරුදු සැමරුම සාමාජීය වශයෙන් වැදගත්කම් රාශියක් ජනිත කරයි.

පොදු අරමුණක් වෙනුවෙන් සමස්ථ ප්‍රජාවම ඒකරාශි වෙමින් එකම මොහොතක වැඩ කටයුතු ආරම්භ කරමින් අන්‍යෝන්‍ය වශයෙන් සැපත සෞභාග්‍යය ප්‍රාර්ථනා කිරීම සමාජයේ සාමූහිකත්වයට අතිශයින් වැදගත් වෙයි.

විශේෂයෙන්ම අප සංස්කෘතියට ආවේණික ආගමික වත් පිළිවෙත් ඉටු කරමින් වැඩිහිටියන් නැමදීම, ගුරු දෙගුරුන් බැහැදැකීමට යාම ආදිය සමාජ ධූරාවලිය නැවත පණ ගන්වමින් සමාජයේ සාමාජිකයෙකු ලෙස ඉටුකළ යුතු යුතුකම් සහ කාර්ය භාරයන් පිළිබඳ නැවත සිහි කැඳවයි.

ගේ දොර පිරිසිදු කර පවුලේ සියලුදෙනා සමඟ සුබ මොහොතින් වැඩකටයුතු ආරම්භ කිරිම තුළ ජීවිතයට යහපත් සුබවාදී ආරම්භයක් ගෙන දෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියළු ජන කොටස් ජාතී ආගම් භේදයෙන් තොරව පොදුවේ අවුරුදු සැමරුම සමඟ එක්වීම සංහිදියාව පිළිබඳ වැදගත් ආදර්ශයක් සපයයි.

එම ආදර්ශය හෙට දවසේ සෞභාග්‍යයෙන් සපිරි ශක්තිමත් දේශයක පදනම බවට පත් වේවා යැයිද සකල ශ්‍රී ලංකාවාසී සහෘද ජනතාවට සාමය සතුට රජයන සියලු බත බුලතින් සපිරි වාසනාවන්ත සිංහල හින්දු අළුත් අවුරුද්දක් උදා වේවා යැයිද ආසිරි පතමි.

කරු ජයසුරිය

කථානායක

ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 14, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්