දේශගුණ විපර්යාසයන්ට මුහුණදීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය එකඟතාව පළකර තිබෙනවා.
ඇමරිකාවේ වොෂිංටන් හි ලෝක බැංකු හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීම පැවැත්වෙන අතරතුර මෙම ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම සඳහා අත්සන් තබා තිබෙනවා. පරිසර හිතකාමී කෘෂිකර්ම ක්‍රමවේදයන් හා තාක්ෂණය වැඩිදියුණු කිරීම, ඉලක්කගත කුඩා පරිමාණ ගොවිපොළවල් වෙත ප්රවේශවීම වැඩිදියුණු කිරීම ආදී ව්‍යාපෘති සඳහායි එම මුදල් යෙදවෙන්නේ.