fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුර්ය මංගල්‍යයට කෙළිබිමක් වූ සියඹලන්කොටුව වැව්තාවුල්ල

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 18:31

සුර්ය මංගල්‍යයට කෙළිබිමක් වූ සියඹලන්කොටුව වැව්තාවුල්ල

දොරින් දොර කිරි උතුරුවා රටටම සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් සමරන අසිරිමත් සුර්ය මංගල්‍යය හෙට දිනයේ උදා වනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන හෙළයේ දැවැන්තම බක්මහ උළෙල අයිටීඑන් සූර්ය මංගල්‍යයේ පළමු දිනය ආණමඩුවේදී අද දවස පුරා පැවැත්වුණා.

ආනමඩුව, ආඬිගම දේවාල හංදිය, සියඹලන්කොටුව වැව්තාවුල්ලේ දීයි මෙවර සූර්ය මංගල්‍යය පැවැත්වෙන්නේ. අයි.ටී.එන් මාධ්‍ය ජාලය රංගේ බණ්ඩාර පදනම හා සියලුම රාජ්‍ය ආයතන එක්ව මෙය සංවිධාන කර තිබෙනවා. විවෘත පාපැදි තරගය, පිහිනුම් සහ ඔරු පැදීමේ තරගය ඇතුලු ජන ක්‍රීඩා රැසක් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කාන්තා හා පිරිමි ගම හරහා දිවීමේ තරග අද උදෑසන පැවැත්වුණා. අලුත් අවුරුදු ක්‍රීඩා හා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම පිළිබදව සූර්ය මංගල්‍යයේදී විශේෂ අවදානයක් යොමු වනවා. ආනමඩුව ප්‍රදේශයේ පමණක් නොව බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිටින අය පවා මෙවර අයිටීඑන් සූර්ය මංගල්‍යය සමග එක්වන බවයි අප නිෂ්පාදක කණ්ඩායම සදහන් කරන්නේ. සූර්ය මංගල්‍යයේ දී අයිටීඑන් අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ තරග හෙට පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. මෙම සියලු තරග ඉසව් හා විචිත්‍රාංග සජීව ලෙස විකාශය කිරීමට අයිටීඑන් මාධ්‍ය ජාලය කටයුතු යොදා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 18:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්