රත්වූ ගාල්ලේ දැවැන්ත ශ්‍රමදානයක්
Related Articles
ගාල්ල , හිරිඹුර ප්‍රදේශයේ ඩෙංගු මදුරු කීට පරිශ්‍රයක් පවත්වාගෙන යාමට එරෙහිව ඊයේ විරෝධතා දැක්වීමත් සමඟ එම ප්‍රදේශයේ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. යුද හමුදාව , පොලීසිය , ගාල්ල නගර සභාව හා ප්‍රදේශවාසීන් එක්වයි මෙම ශ්‍රමදානය ක්‍රියාත්මක කළේ.
ගාල්ල,හිරිඹුර ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු ඩෙංගු වැළදීමෙන් මියගියා. එම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි පරිශ්රයක ඩෙංගු කීටයන් පැවතීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවූ බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ඊට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් ද පැවැත්වුණා.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශයේ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. මෙම අවස්ථාවට ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයන් මෙන්ම ආගමික නායකයින් ද එක්ව සිටියා. ප්‍රදේශයේ ඇතැම් ජනතාව අවිධිමත් ලෙස කසල බැහැර කිරීම මෙන්ම පරිසරය අපිරිසිදුව තබා ගැනීම ඩෙංගු ව්‍යාප්තියට හේතුවක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඩෙංගු වැළදීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ මේ වනවිට රෝගීන් 19 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.