සුඩානයේ විරෝධතා වලදී ආරක්ෂක අංශ එල්ල කළ ප්රහාරයකින් 16 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
රජයේ ගොඩනැගිලි සහ පෞද්ගලික දේපළ වලට විරෝධතාකරුවන් හානි සිදුකර ඇති බවයි ආරක්ෂක අංශ සදහන් කළේ. ඇතිවු ගැටුම් වලදී 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තවදුරටත් සුඩානයේ ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.