ඇමරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයක දෙවන මහලේ සිට කුඩා දරුවෙකු පිටතට විසිකර තිබෙනවා.
අවුරුදු පහක් වයසැති කුඩා දරුවා සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉමැනුවල් ඩෝෂන් නැමති 24 හැවිරිදි අයෙක්. මිනසෝටා ප්‍රාන්ත පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.