ශ්රී්ර ලාංකික ගෘහ සේවිකාවකට ඩුබායි අධිකරණයක් මාස හයක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ඒ ඇය සේවය කළ නිවසේ ස්වාමියාගේ බිරිඳට අයත් මෝටර් රථයකට ගිනි තැබිමේ සිද්ධියකට වරදකරු කරමින්.
සිර දඬුවම් කාලයෙන් අනතුරුව ඇය ශ්රී්ර ලංකාවට පිටුවහල් කිරිමට නියමිතයි. කෙසේ වෙතත් නඩු විභාගයේ දි ශ්රී්ර ලාංකික කාන්තාව මෙම චෝදනාව ප්රතික්ෂේප කර තිබෙනවා.