fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධනසවිය ණය යෝජනා ක්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 12:07

ධනසවිය ණය යෝජනා ක්‍රමය සාර්ථකව ක‍්‍රියාත්මකයි

කාන්තාවන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ධනසවිය ණය යෝජනා ක්‍රමය මේ වන විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වනවා.

සමෘද්ධි අමාත්‍යාංශයයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. සමෘද්ධි ප්‍රතිලාභින්ට ඉතා සහනදායී පොළි පදනමක් මත ස්වයං රැකියා සදහා මේ යටතේ ණය මුදල් ලබා දෙනවා. ස්වයං රැකියා පුහුණුව ද ලබා දිමටයි කටයුතු කර ඇත්තේ. ධනසවිය ණය යෝජනා ක්‍රමය වැඩසටහනේ එක් අදියරක් හලාවත මාදම්පේ ගල්මුරුව ප්‍රජාමූල බැංකු පරිශ්‍රයේදී  පැවැත්වුණා. ස්වයං රැකියා නිෂ්පාදන වැඩමුළුවක්ද සංවිධාන කර තිබුණා. මාදම්පේ ප්‍රදේශයේ සමෘද්ධි ලාභි කාන්තාවන්  450ක් පමණ මේ සදහා එක්ව  සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo