fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාන් ඔය ව්‍යාපෘතියෙන් හානි වූ වන සම්පත වෙනුවෙන් පැළ තුන්ලක්ෂයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:07

යාන් ඔය ව්‍යාපෘතියෙන් හානි වූ වන සම්පත වෙනුවෙන් පැළ තුන්ලක්ෂයක්

යාන් ඔය ව්‍යාපෘතියෙන් හානි වූ වන සම්පත වෙනුවෙන් පැළ තුන්ලක්ෂයක් සිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.

යාන් ඔය ව්‍යාපෘතියේ ජල පෝෂක ප්‍රදේශයට අයත් වූ ශාක රැසක් විනාශයට පත්වුණා. ඒ වෙනුවෙන් වටිනා ශාක තුන්ලක්ෂයක් රෝපණය කිරීමට රජයේ උපදෙස් මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ සදහා අවශ්‍ය පැළ රෝපණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ප්‍රදේශයට ආවේණික තේක්ක, බුරුත, පලු, කොහොඹ, මයිල හා කොට්ටම්බ වැනි ශාක මෙසේ රෝපණය කිරීමටයි සැළසුම්කර ඇත්තේ. ඒ සදහා ප්‍රදේශයේ ගොවි සංවිධානවල සහාය ලබාගැනීමටද අපේක්ෂා කෙරෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 13, 2019 11:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්