අද දිනයේත් ගම්බිම් බලා යන ජනතාවට අඛණ්ඩ ප්‍රවාහන පහසුකම් කි‍්‍රයාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. අතිරේක දුම්රිය සහ බස් රථ ප්‍රමාණවත් පරිදි යොදවා ඇති බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ.
අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය වාර රැසක් ධාවනයට එක්කර තිබෙනවා. ඊයේ පස්වරුවේ සිට ගම්බිම් බලා යන ජනතාව සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතේ බස් නැවතුම්පොළ 5 ක් කේන්ද්‍ර කරගනිමින් බස් රථ සේවා ලබන 21 වෙනිදා දක්වා කි‍්‍රයාත්මක බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසන්නේ.
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ ද අවුරුද්දෙන් පසු යොදවා තිබෙනවා.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පවසන්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ සංඛ්‍යාව ද වැඩිකර තිබෙනවා. රණවිරු සහ පොලිස් සාමාජිකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයීමේදී ප්‍රමුඛතාව ලබාදීමේ වැඩපිලිවෙලක් ද කි‍්‍රයාත්මක බවයි ජාතික ගමනා ගමන කොමිසන් සභාව ප්‍රකාශ කළේ.