ITN සූර්ය මංගල්‍යය සියඹලන්කොටුව වැව්තාවුල්ලේදී
Related Articles
ITN සූර්ය මංගල්‍යය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ ආණමඩුව දේවාල හංදිය සියඹලන්කොටුව වැව්තාවුල්ල කේන්ද්‍ර කරගනිමින්.
විවෘත පාපැදි තරඟය, පිහිණුම් තරඟ, ඔරු පැදීමේ තරඟ මැරතන් තරඟය ඇතුලු තරඟ ඉසව් ගණනාවක් සූර්ය මංගල්‍යයට ඇතුලත්.
අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරඟය හෙට පස්වරුවේ පැවැත්වෙනවා. මෙම සියලු තරඟ ඉසව් සහ විශේෂ වැඩසටහන් ITN TV හරහා සජීවීව විකාශය කෙරෙනවා.
ලබන 17 වෙනිදා හිස තෙල් ගෑමේ නැකත වික්‍රමසිංහපුර සුබෝධාරාමයේ සිට සජීවීව විකාශය කරමින් ITN සූර්ය මංගල්‍යය අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මේ අතර ITN FM සංවිධානය කරන 2019 කෝකිල වසන්තය ලබන 20 වෙනිදා පැවැත්වෙනවා. ඒ අනුරාධපුර මයිලගස් හංදිය සිංහල කී‍්‍රඩාපිටිය කේන්ද්‍ර කරගනිමින්.