fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාප් වහන්සේ දෙපතුල් සිපගනිමින් සුඩාන නායකයින්ගෙන් කළ ඉල්ලීම (VIDEO)

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 16:02

පාප් වහන්සේ දෙපතුල් සිපගනිමින් සුඩාන නායකයින්ගෙන් කළ ඉල්ලීම (VIDEO)

යුද්ධයකට නොයන ලෙස ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩාන නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පාප්වහන්සේ මේ දිනවල දකුණු සුඩානයේ සංචාරයක නිරතව සිටිනවා.  උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකර තිබෙන්නේ දකුණු සුඩාන නායකයින්ගේ දෙපතුල් සිපගනිමිනුයි. දකුණු සුඩාන දේශපාලන නායකයින්ගේ යුද ගැටුම්වලට මැදිවී සිටින එරටට සාමය රැගෙන එන ලෙස පාප්වහන්සේ ඉල්ලා සිටියා.

සුඩානයේ මේ වන විටත් සිවිල් යුද්ධයක්  හට ගෙන තිබෙනවා. පාප්වහන්සේගේ හමුවෙන් පසුව එරට දේශපාලන නායකයින් සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්