fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෝනිගේ තරග ගාස්තුවෙන් 50% ක් කපා දමයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 13:15

දෝනිගේ තරග ගාස්තුවෙන්  50% ක් කපා දමයි

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ  නායක මහේන්ද්‍ර සිං දෝනිගේ තරග ගාස්තුවෙන් සියය 50 ක් කපා දැමීමට තරග තීරකවරයා කටයුතු කර තිබෙනවා. ඒ විනිසුරු තීරණයට විරෝධය පළකිරීම හේතුවෙන්.

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 04 ක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග් කණ්ඩායම සමත්වුණා. ජායිපූර්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 151 ක් පමණයි ලබා ගත හැකිවූයේ.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි ක්‍රීඩකයින් අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණයට ලකුණු 18 ක් ලබාගත යුතු වුණා. රවීන්ද්‍ර ජඩේජා යොමුකළ එම පන්දුවාරයේ හතරවන පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කළා. එහෙත් එය ෆ්‍රී හිට් අවස්ථාවක් ලෙස විනිදුරුවන් සටහන් කලේ නැහැ. ඊට විරෝධය පළකරමින් චෙන්නායි කණ්ඩායමේ නායක දෝනි ක්‍රීඩා පිටියට පිවිස විනිසුරුවන් සමගින් බහින් බස් වුණා. මෙම සිදුවීමට පසුව ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 50 ක් කපා දැමීමට විනිසුරුවන් කටයුතු කළා. අවසන් පන්දුවේදී හයේ පහරක් වාර්තා කරමින් කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 155 ක් ලබා ගැනීමට  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 13:15

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo