fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට සහ අනිද්දා සියලුම මත්පැන් වෙළෙදසැල් වසා තැබෙයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 14:51

හෙට සහ අනිද්දා සියලුම මත්පැන් වෙළෙදසැල් වසා තැබෙයි

අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් හෙට (13) සහ අනිද්දා (14) දිනවල සියලුම මත්පැන් වෙළෙදසැල් වසා තැබිය යුතු බව  සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

අලුත් අවුරුදු උත්සව කාලසීමාවේදී නීත්‍යානුකූල මත්පැන් බෙදාහැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන බවට වගබලා ගැනීමට හා සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය නිෂ්පාදනය ප්‍රවාහනය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන්නන්හට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 12, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්