කොළඹ කොටුව සහ වව්නියාව අතර ධාවනය කෙරෙන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය අද(12) සිට යාපනය දක්වා ගමන් කරන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.
ඒ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ සිට යාපනය බලා ගමන් ගන්නා මඟීන්ගේ පහසුව වෙනුවෙන්. අද (12) සහ භෙට(13) යාපනය දක්වා ගමන් වාර කි‍්‍රයාත්මක අතර භෙට(13) සහ අනිද්දා (14)යාපනයේ සිට කොළඹ දක්වා ගමන් වාර කි‍්‍රයාත්මක කිරීමටයි තීරණය කර තිබෙන්නේ.
අද (12) පස්වරු 3.55 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය මධ්‍යම රාති‍්‍රයේදී යාපනයට ළඟවනවා. අවුරුදු සමය වෙනුවෙන් සාමාන්‍ය ගමන් වාර වලට අමතරව තවත් දුම්රිය වාර රැසක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පෙන්වාදෙන්නේ.
මේ අතර උත්සව සමය වෙනුවෙන් බස් සේවා රැසක් ද කි‍්‍රයාවට නංවා තිබෙනවා. සියලු දුර ගමන් සේවා ලබන 21 වෙනිදා දක්වා කි‍්‍රයාත්මක බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළා. මඟී අවශ්‍යතාව අනුව අමතර බස් රථ ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය පෙන්වාදෙන්නේ. අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන මඟි බස් රථ සංඛ්‍යාව ද වැඩිකර තිබෙනවා.