විකිලීක්ස් සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලන්ඩනයේ පිහිටි ඉක්වද්යෝර තානාපති කාර්යාලයේදී.
අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් අසාන්ජ් අත්අඩංගුවට ගෙන ඇති බවයි බී බී සී ප්රවෘත්ති වාර්තා පවසන්නේ.
සැකකරු වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයට කඩිනමින් ඉදිරිපත් කරන බව ද මෙට්‍රොපොලිටන් පොලිසිය සදහන් කළා.
ස්වීඩනයට පිටුවහල් කිරිම වැලැක්වීම සදහා ජුලියන් අසාන්ජ් මීට වසර 07කට පෙර ලිබියා තානාපති කාර්යාලයේ රැකවරණය ඉල්ලා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.