fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින 52 කේ අර්බුදය සමයේ ඖෂධ හිඟයක් ඇති වුනා

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 17:13

දින 52 කේ අර්බුදය සමයේ ඖෂධ හිඟයක් ඇති වුනා

දින පනස්දෙකේ අර්බුදය පැවති කාලයේදී රටතුළ ඖෂධ හිගයක්ද ඇතිවූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ගිලන්රථ 118 ක් බෙදාදීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් / දඹදෙනිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක රූකාන්ත ගුණතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන්රථ සියලු පහසුකම්වලින් සමන්විතයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට ලොවපුරා ඉහළ පිළිගැනීමක් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 17:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්