ජාතික සමගිය හා සංහිදියාව වෙනුවෙන් උතුරේ සහ දකුණේ සරසවි සිසුන් අත්වැල් බැඳගැනීමේ වැඩසටහනක් පැවැත්වුණා.
උතුර දකුණ සරසවි සිසුන් අතර අවබෝධය වැඩසටහනේ සමාලෝචන වැඩසටහන ජාතික සමගිය හා සංහිදියා කාර්යාලයේ සභාපති හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්වුණා. ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, බංග්ලාදේශය වැනි රටවලින් පැමිණි නියෝජිතයන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශ නියෝජිතයන් මෙහිදී සදහන් කළේ රට තුළ සාමය හා සංහිදියාව ඇති කිරීම සදහා සංහිදියා කාර්යාංශය ඉටුකරණ කාර්යය අගය කළ යුතු බවයි. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද එක්ව සිටියා.