fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව විශාලතම මහ මැතිවරණය ඇරඹේ

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 11:39

ලොව විශාලතම මහ මැතිවරණය ඇරඹේ

මිලියන 900කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කරන ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අද උදෑසන ආරම්භ  වුණා.

අද සිට මැයි 19 වනදා දක්වා ඉන්දීය මහ මැතිවරණය අදියර 07 කින් පැවත්වෙනවා. වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවරද මැතිවරණයට  ඉදිරිපත්ව සිටිනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂය තවදුරටත් බලයේ රැදී සිටින්නේද යන්න තීරණය වන්නේ මෙම මැතිවරණයෙනුයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඉන්දීය ජාතික කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධියි. පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් සදහා මෙම මැතිවරණය පැවැත්වෙන අතර දේශපාලන පක්ෂයක් ආණ්ඩුවක් පිහිටු වීම සදහා අවම වශයෙන් මන්ත්‍රීවරුන් 272 ක බහුතරයක් ලබා ගත යුතුයි.

අදින් ආරම්භ වන මහ මැතිවරණය ප්‍රාන්ත 29ක් පුරා පැවැත්වෙනවා. මෙවර මහ මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බව ද සදහන්. මහ මැතිවරණයේ ප්‍රතිඵල මැයි මස 23 වනදා ලබා දීමට නියමිත බවයි එරට මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. පක්ෂ 2293ක් මෙවර මැතිවරණය සදහා ලියාපදිංචි වී සිටිනවා. ලෝක් සභාවේ ආසන 543ක් සදහා ඡන්ද අපේක්ෂකයින් 8000ක් තරඟ වදින බව ඉන්දීය මැතිවරණ කොමිසම සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්