මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙදුන් වැටලීම අඛණ්ඩව ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා. එවැනි වෙළෙදුන් රැසක් මේවන විටත් හදුනාගෙන තිබෙනවා. 600 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නියමිත බවයි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් මහතා ප්‍රකාශ කළේ.
ප්‍රමිතියෙන් තොර රෙදිපිලි සහ විදුලි උපකරණ ඇතුලු උපාංග පිලිබදව ද වැටලීම්වලදී අවධානය යොමුකරන බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.