පවතින නියගයෙන් සතුන් සිව්පාවුන් මිනිසුන් ඇතුළු සොභාදහමම පීඩාවට පත්ව තිබෙනවා. නියගය සමඟ සටන් වැදි එය ජයගත් ගොවීන් පිරිසක් පිලිබඳ උතුරු පළාතෙන් වාර්තා වනවා.
උතුරු පළාතේ මේ දිනවල පවතින්නේ දැඩි නියං කාලගුණික තත්ත්වයක්. ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ගොවීන්ටයි. නමුත් එම අභියෝගය සාර්ථකව ජයගත් ගොවීන් පිරිසක් ද එම ප්‍රදේශයේ සිටිනවා. නියගයට ඔරොත්තු දෙන ආකාරයේ බෝග වගාකරමින් සිය වගා කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට ඔවුන් සමත්. ජලය වැඩියෙන් අවශ්‍ය බෝග වෙනුවට අඩු ජල ප්රමානයකින් පෝෂණය වන බෝග වගා කිරීමටයි මොවුන් කටයුතු කළේ. කොමඩු, බඩඉරිගු, රටකජු ආදී බෝග රැසක් ඒ අතර වනවා. එසේ කටයුතු කිරීමෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකි වූ බවයි ගොවීන් සදහන් කරන්නේ.