ඇල්ජීරියා ජනාධිපතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.
ඒ අනූව ජුලි 4 වනදා මැතිවරණය පැවැත්වෙන බවයි අන්තර්වාර නායක අබ්දෙල් කාදර් බෙන්සාලා ප්‍රකාශ කළේ.
ජනාධිපති අබ්දෙලාසිස් බව්ටෙෆ්ලිකාට ඉල්ලා අස්වන ලෙස දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වුණා.
ඉන්පසු පසුගිය සතියේදී ඔහු ඉල්ලා අස්වී තිබෙනවා.
පාර්ලිමේන්තුව රැස්වී අන්තර්වාර රජයේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළා. ඒ දින 90ක් සඳහායි.