fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කළු කුහරයේ පළමු ඡායාරූපය නිකුත් වෙයි (VIDEO)

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 10:09

කළු කුහරයේ පළමු ඡායාරූපය නිකුත් වෙයි (VIDEO)

අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් මහත් අබිරහසක්ව පැවති කළු කුහරය පිළිබද තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින් පිරිසක් සමත්වුණා. ඒ අනුව කළු කුහරයේ ඡායාරූපයක් නිකුත් කිරීමට මෙම විද්‍යෘඥයින්ට හැකිවුණා.

කළු කුහරය කිලෝමීටර් බිලියන 40 ක පළලකින් යුක්ත අතර පෘථිවිය මෙන් මිලියන 3 ක විශාලත්වයකින් ද යුක්ත වනවා. කිලෝමීටර් මිලියන, ට්‍රිලියන 500 ක් දුරින් පිහිටා ඇති මෙම කළු කුහරයේ ඡායාරූප ලබා ගැනීම පෘථිවිය වටා පිහිටුවා ඇති ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂ 8 ක් මගින් සිදුකර තිබෙනවා. එම් 87 ලෙස නම්කර තිබෙන මන්දාකිනිය මධ්‍යයේ මෙම කළු කුහරය පිහිටා ඇති බවයි විද්‍යාඥයින් සදහන් කරන්නේ. මේ තුළින් ගමන් ගන්නා කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයකට නැවත පිටවිය නොහැකි අභ්‍යවකාශ ප්‍රදේශයක් ලෙසයි තාරකා විද්‍යාඥයින් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්