fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් එකට සිටිමු මඩකලපු දිස්ත‍්‍රික් වැඩසටහන අදින් අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 10:17

රට වෙනුවෙන් එකට සිටිමු මඩකලපු දිස්ත‍්‍රික් වැඩසටහන අදින් අවසන්

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන සිව්වන දිනටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි අදත් ක්‍රියාත්මක වනවා. ඊයේ දිනය වන විට ව්‍යාපෘති 649 ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් එක්ලක්ෂ පනස් දහසකට සහන සැළසීමට මේ මගින් හැකියාව ලැබී තිබෙනවා.

ඊයේ දිනයේ මන්මුනේ නිරිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු කොට්ඨාස හයක වඩාත් සුරක්ෂිත ළමාවියක් දරුවන් වෙත ලබාදීම සදහා පෙරපාසල් ගුරුවරුන්, දෙමව්පියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මෙහිදී මන්මුනේ නිරත ප්‍රාදේශීය ලේකම් ටී දිනේෂ් මහත්මිය පැවසුවේ දිස්ත්‍රික්කය පුරා එකවර ක්‍රියාත්මක මෙවැනි කඩිනම් වැඩසටහන් මගින් එහි ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබාගැනීමට අවස්ථාව හිමිවී ඇති බවයි. අද දිනයේ ද වකුගඩු රෝග නිවාරණය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවෙන බව එහි සිටින අප වාර්තාකරුවන් සදහන් කළා. හෙට මෙහි සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්