Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට දින 10ක විශේෂ මෙහ‍ෙයුමක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:52

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිමට දින 10ක විශේෂ මෙහ‍ෙයුමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ආරම්භ කෙරෙනවා. දිවයිනම ආවරණය වන පරිදි මෙහෙයුම ක‍්‍රියාත්මක බවයි රථ වාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල රථ වාහන පාලනයට පොලිස් නිලධාරින් 2400ක් යොදවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළා.

දින 10ක් මෙහෙයුම ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ. පසුගිය වසරේ අප්‍රේල් 10ත් 20ත් අතර කාලයේ සිදුවූ රිය අනතුරුවලින් 135 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් 120කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි පොලිසිය පවසන්නේ. මේ වසරේදී මෙම තත්ත්වය වැළක්වීම මෙහෙයුම්වල අරමුණයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:52
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්