මිලියන 900කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කරන ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අද උදෑසන ආරම්භ වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙවරද මැතිවරණයට ඉදිරිපත්ව තිබෙනවා. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඉන්දීය ජාතික කොංග්රස් පක්ෂයේ රාහුල් ගාන්ධි යි. අදින් ආරම්භ වන මහ මැතිවරණය මැයි 19 වන දා දක්වා ප්‍රාන්ත 29ක් පුරා පැවැත්වෙනවා. මෙවර මහ මැතිවරණය සදහා ඡන්ද මධ්‍යස්ථාන මිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බව ද සදහන්. මහ මැතිවරණයේ ප්‍රතිඵල මැයි මස 23 වනදා ලබා දීමට නියමිත බවයි එරට මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. පක්ෂ 2293ක් මෙවර මැතිවරණය සදහා ලියාපදිංචි වී සිටිනවා. ලෝක් සභාවේ ආසන 543ක් සදහා ඡන්ද අපේක්ෂකයින් 8000ක් තරඟ වදින බව ඉන්දීය මැතිවරණ කොමිසම සදහන් කරනවා.