fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කර්තෘභාග ගැටළුව ගැන සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:02

කර්තෘභාග ගැටළුව ගැන සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බව ජනපති කියයි

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේ දී අයිටිඑන් මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම වෙනුවෙන් පළමු වරටයි මෙවර සම්මාන උලෙළ පැවැත්වුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උලෙළ පැවැත්වුණා.

ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි. රුවන් විජේවර්ධන, ගයන්ත කරුණාතිලක හා දයා ගමගේ යන අමාත්‍යවරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඇතුලු ආරාධිතයින් රැසක් සම්මාන උලෙළට එක්ව සිටියා. පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනි හා වෙබ් අඩවි යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණා. ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේදී වසරේ ප්‍රශස්ථම ප්‍රවෘත්ති නිවේදක දෙමළ අංශයෙන් සම්මානය දිනාගත්තේ වසන්තම් රූපවාහිනී ඉර්ෆාන් මොහොමඩ්. වසරේ ප්‍රශස්ථම ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රිසි අංශයෙන් ප්‍රයිම් ටීවී හි ඉෆ්තියා අබ්දුල් කාදර් සම්මාන හිමිකර ගත්තා. වසරේ ප්‍රශස්ථම ගුවන් විදුලි වැඩසටහන ලෙස  අයිටිඑන් එෆ් එම් හි ප්‍රචාරය වූ නොනිමි චාරිකා වැඩසටහනට හිමි සම්මානය ඉන්ද්‍රසිරි සුරවීර හිමිකරගත්තා. වසරේ ප්‍රශස්ථම වැඩසටහන් ඉදිරිපත් කිරීම දෙමළ අංශයේ සම්මානය හිමිකර ගත්තේ වසන්තම් රූපවාහිනියේ එම් එස් එම් මුසාරෆ් විසිනුයි. වසරේ ප්‍රශස්ථම ගවේෂණාත්මක වැඩසටහන සඳහා නිර්දේශ වූ තිදෙනාම අයිටිඑන් මාධ්‍ය ජාලයෙන් නිර්දේශ වීම විශේෂත්වයක්. දුෂාන්ත දර්ශන, ඉන්දික වීරකෝන් හා ඉර්ෆාන් මොහොමඩ් නිර්දේශ නාම අතරට එක් වුණා. එම අංශයේ සම්මානය හිමි වූයේ ඉර්ෆාන් මොහොමඩ්ටයි. ප්‍රශස්ථ ප්‍රවෘත්ති නිවේදක සිංහල වෙනුවෙන් ශ්‍රීහාන් ආරියසිංහ හා ප්‍රශස්ථ ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි වෙනුවෙන් සසංක ඩයස් මෙම සම්මාන උලෙළේදී නිර්දේශිත නාමයන් අතරට එක්වුණා. ප්‍රශස්ථම පුවත් වාර්තාකරණය වෙනුවෙන් අයිටීඑන් හි ඉන්දික වීරකෝන් නිර්දේශ වූ අතර ප්‍රශස්ථම අධ්‍යාපනික වැඩසටහන සදහා උදිත තේනුවර නිර්දේශ වුණා. හොදම සම්ප්‍රේෂිකාව සම්මානය සදහා සිතාරා කළුආරච්චි ද නිර්දේශ වුණා.

මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පිදෙන විශේෂ සම්මාන 4 ක් පිරිනැමුණා. පුවත් පත් ක්ෂේත්‍රය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාට මෙම සම්මානය පිළිගැන්වුණා. ගුවන් විදුලි ක්ෂේත්‍රය වෙනුවෙන් එම සම්මානය පිරිනැමුණේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතාටයි. රූපවාහිනී ක්ෂේත්‍රය වෙනුවෙන් එම සම්මානය ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලූෂන් බුලත්සිංහල මහතාටයි. වෙබ් ක්ෂේත්‍රය වෙනුවෙන් ලක්‍ෂ්මන් ජයවර්ධන මහතාට එම සම්මානය පිරිනැමුණා. මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 11, 2019 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්