පුත්තලම කල්පිටිය මණ්ඩල්කුඩා ප්‍රදේශයේ ඉදිකළ මිලාදුන්නබි ග්‍රාම උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 185 වන ආදර්ශ ගම්මානය මෙයයි. මෙය නිවාස 26 කින් සමන්විතවන අතර වැය කළ මුදල රුපියල් ලක්ෂ 182 ක්.
කිසිවෙකුගේ වහලෙකු නොවී ආර්ථික ප්රතිලාභ හිමිවන පාලන යුගයක් ජනතාවගේ අපේක්ෂාව බව උත්සවය අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.