fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොරගහකන්ද නිම වීමෙන් රජරට කෘෂි නවෝදයක්, ජනපති පවසයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 17:50

මොරගහකන්ද නිම වීමෙන් රජරට කෘෂි නවෝදයක්, ජනපති පවසයි

මොරගහකන්ද ව්‍යාපෘතිය නිමවීමත් සමග රජරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොළොන්නරුවේ පැවති අලුත් සහල් මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා.

පොළොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේදී අලුත් සහල් මංගල්‍යය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපගේ සංස්කෘතිය හා ගොවිතැන අතර පවත්නා සබදතාව පිළිබිඹු කරන අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රය පොළොන්නරුවේ ගොවි ජනතාව උත්කර්ෂවත්ව සැමරීම සිදු කරනවා. එය ආරම්භ කරමින් ගල්විහාර බුද්ධ ප්‍රතිමාව අසලදී කිරි ආහාර පූජාව පැවැත්වූ ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා.

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද අමාත්‍ය වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක,උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර කඳුරුවෙල නව බස් නැවතුම්පොළ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්. පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන යටතේ මෙය  ඉදිකෙරුණා. ඊට වැය කෙරුණ මුදල රුපියල් ලක්ෂ 501 ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට බස් රථවල නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා දීමේ ප්‍රවේශ පත්‍ර ද මෙහිදී පිරිනැමුණේ ජනාධිපතිතුමා අතින්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්