fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ITN මාධ්‍ය ජාලයට ජනාධිපති සම්මාන රැසක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 16:45

ITN මාධ්‍ය ජාලයට ජනාධිපති සම්මාන රැසක්

ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා, හැකියාවන් හා සුවිශේෂී නිපුණතා ඇගයීම වෙනුවෙන් පැවැත්වෙන පළමු ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේ දී අයිටිඑන් මාධ්‍ය ජාලයට සම්මාන රැසක් හිමිවුණා. සම්මාන උලෙළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ වන විට පැවත්වෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ජනමාධ්‍ය අමාත්‍යාංශයයි ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ සංවිධාන කරන්නේ. රුවන් විජේවර්ධන, ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා ඇතුලු ආරාධිතයින් රැසක් සම්මාන උලෙළට එක්ව සිටිනවා. පුවත්පත්, ගුවන් විදුලි, රූපවාහිනි හා වෙබ් අඩවි යන ක්ෂේත්‍ර නියෝජනය කරමිනුයි සම්මාන පිරිනැමෙන්නේ. ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේදී වසරේ ප්‍රශස්ථම ප්‍රවෘත්ති නිවේදක දෙමළ අංශයෙන් සම්මානය දිනාගත්තේ වසන්තම් රූපවාහිනී ඉර්ෆාන් මොහොමඩ්. වසරේ ප්‍රශස්ථම ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රිසි අංශයෙන් ප්‍රයිම් ටීවී හි ඉෆ්තියා අබ්දුල් කාදර් සම්මාන හිමිකර ගත්තා. වසරේ ප්‍රශස්ථම ගුවන් විදුලි වැඩසටහන ලෙස  අයිටිඑන් එෆ් එම් හි ප්‍රචාරය වූ නොනිමි චාරිකා වැඩසටහනට හිමි සම්මානය ඉන්ද්‍රසිරි සුරවීර හිමිකරගත්තා. වසරේ ප්‍රශස්ථම වැඩසටහන් ඉදිරිපත් කිරීම දෙමළ අංශයේ සම්මානය හිමිකර ගත්තේ වසන්තම් රූපවාහිනියේ එම් එස් එම් මුසාරෆ් විසිනුයි. වසරේ ප්‍රශස්ථම ගවේෂණාත්මක වැඩසටහන සඳහා නිර්දේශ වූ තිදෙනාම අයිටිඑන් මාධ්‍ය ජාලයෙන් නිර්දේශ වීම විශේෂත්වයක්. දුෂාන්ත දර්ශන, ඉන්දික වීරකෝන් හා ඉර්ෆාන් මොහොමඩ් නිර්දේශ නාම අතරට එක් වුණා. එම අංශයේ සම්මානය හිමි වූයේ ඉර්ෆාන් මොහොමඩ්ටයි.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්