අද සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලි බිලද වැඩි නොකරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
පොල්පිතිය සමනගම ප්‍රදේශයේ ඉදිකෙරෙන බ්‍රෝඩ්ලන්ඩ් ජලවිදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ පවුල් 29 ක් සදහා වන්දි පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්රධානත්තවයෙන් සිදු කෙරුණා. රුපියල් මිලියන 129 ක මුදලක් මෙහිදී එම ජනතාව වෙනුවෙන් පිරිනැමුණා. වන්දිමුදල් පිරිනැමීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.
[ot-video type=”youtube” url=”https://youtu.be/rnJgtgayyxE”]
මේ අතර නියගය අවසන් කර කලට වැසි ලැබේවායි ප්‍රාර්ථනා කරමින් විශේෂ ආශිර්වාද පූජාවක් මස්කෙලිය මාවුස්සාකැලේ සමන්දේවාලයේදී පැවැත්වුණා. අමාත්‍ය රවී කරුණානායක මහතාද ඊට එක්ව සිටියා. සර්වරාත්‍රික පිරිත් දේශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.