fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උමා ඔය ජල විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 120 ක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 16:40

උමා ඔය ජල විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 120 ක්

එළඹෙන අගෝස්තු මාසයේදී උමා ඔය භූගත ජල විදුලි බලාගාරය තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 ක ධාරිතාවක් එක් කිරීමට හැකිවන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා. විදුලි අර්බුදයත් සමග මෙහි කටයුතු කඩිනමින් නිම කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. පුහුල්පොල සහ ඩයබරා ජලාශවල ඉදිකිරීම්ද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.  කිලෝමීටර් තුනයි දශම නවයකින් හා මීටර් තුනයි දශම හතක විශ්කම්භයකින් යුත් උමං මාර්ගයකින් පුහුල්පොල ජලාශයේ සිට ඩයබරා ජලාශය දක්වා ජලය ගෙනයාමට නියමිතයි. එමගින් මොනරාගල, වැල්ලවාය, හම්බේගමුව ප්‍රදේශවල කෘෂිකර්මාන්තය සදහා ජලය ලබාදීමට නියමිතයි. මේ අතර කිරිඳිඔය ද්‍රෝණිය ආශ්‍රිත පහළ නිම්නයේ කෘෂිකර්මාන්තයට ද මෙයින් දායකත්වයක් ලැබෙනවා. සමස්ත ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 89800 ක්.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 16:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්