fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ෆයිසාර් 24 වනදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 15:34

මධූෂ් සමඟ අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ෆයිසාර් 24 වනදා දක්වා රිමාන්ඩ්

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරිමෙන් අනතුරුව අත්අඩංගුවටගත් මොහොමඩ් නසිම් මොහොමඩ් ෆයිසාර් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු ලබන 24 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය අද (10) නියෝග කළේ.

37 හැවිරිදි මොහොමඩ් ෆයිසාර්ගෙන් පැය 24ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරිමට අධිකරණය ඊයේ (09) අවසර ලබාදුන්නා. මොහු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසකට අවශ්‍යව සිටි සැකරකැවෙකු බවයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේ. සැකකරු මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 15:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්