බෙන්ජමින් නෙතන්යාහුට ඊශ්‍රායල මැතිවරණය ජයගැනීමේ වැඩි හැකියාවක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඊයේ(09) පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිඑල අද (10) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. මේවන විටත් සමස්ත ඡන්දයෙන් සියයට 97 ක් ගණනය කර අවසන්. නෙතන්යාහු නියෝජනය කරන ලිකුඩ් පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවනු ඇති බවටයි විශ්වාස කරන්නේ.