ජල ගැලීම්වලින් බ්රසිලයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් නව දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
රියෝ ද ජනයිරෝ ඇතුළු නගර කිහිපයක් ජලයෙන් යටවුණා. ඉදිරි පැය 24 තුළත් අධික වැසි හටගන්නා බවයි එරට කාලගුණ අංශ සඳහන් කළේ. අනතුරුදායක තත්ත්වය හේතුවෙන් මාර්ග කිහිපයක් වසා දැමීමට බ්‍රසීල බලධාරින් පියවර ගෙන තිබෙනවා.