fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොල්කටා නයිට්රයිඩර්ස් පරදා චෙන්නායි සුපර්කින්ස් ජයගනී

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 08:48

කොල්කටා නයිට්රයිඩර්ස් පරදා චෙන්නායි සුපර්කින්ස් ජයගනී

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු හතක පහසු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කින්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට චෙන්නායි කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9  ක් දැවී ලබා ගත්තේ ලකුණු 108 ක් පමණයි. ඇන්ඩි රසෙල් නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායම පන්දුවාර 17 පන්දු දෙකක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 111 ක් ලබාගනිමින් තරගය පහසුවෙන් ජය ගත්තා. ෆෆ් ඩූ ෆෙලෙසිස් නොදැවී ලකුණු 43 ක් ඉනිමට එක් කළා.

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 08:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්