fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි කප්පාදුව අවසන්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 08:41

විදුලි කප්පාදුව අවසන්

අද රාත්‍රියේ සිට විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. විදුලි අර්බුදයට අදියර තුනක් යටතේ විසදුම් ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය අර්බුදකාරී තත්ත්වයකට ලක් වුණා. බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම ජල විදුලි උත්පාදනයට සෘජු බලපෑමක් එල්ල කළා. ඒ හේතුවෙන් විදුලි උත්පාදනය පහළ මට්ටමකට පැමිණීමත් සමඟ විදුලි කප්පාදුව සිදු කිරීමට පියවර ගැනුණා. කෙසේ වුවද අද රාත්‍රියෙන් පසු යළි කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ.

අමාත්‍ය රවී කරුණානායක,

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 10, 2019 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්