fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්ජනය අනුමත නොකරණ බව ඇමති අර්ජුන කියයි

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:44

වර්ජනය අනුමත නොකරණ බව ඇමති අර්ජුන කියයි

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද(09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඇතැම් වෘත්තීය සමිති උත්සාහ දරණවා. එමෙන්ම දඩමුදල් වැඩි කිරීමට විරෝධය පලකරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් ද අද(09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි එම බස් රථ හිමියන්ගේ සංගම් සදහන් කරන්නේ.

උත්සව සමයේ මගී ජනතාව මෙසේ අපහසුතාවට පත් කිරීම පිළිගත නොහැකි බවයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ.

මාර්ග නීති කඩකිරීම සම්බන්ධයෙන් අයකෙරෙන දඩ මුදල් ඉහළ දමා තිබෙනවා. දිනෙන් දින සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම මෙහි එක් අරමුණක්. ඇතැම් රියදුරන් නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම මෙන්ම මාර්ග නීති නොසලකා කටයුතු කිරීම මීට හේතුවයි. කෙසේ වුවද දඩමුදල් වැඩි කිරීම අසාධාරණ බවයි ඇතැම් බස් සංගම් ප්‍රකාශ කරන්නේ.

රථවාහන වැරදිවලට අයකරන දඩ මුදල් වැඩි කිරීමට පෞද්ගලික බස් රථ සේවකයන් විරෝධය පළකරන්නේ නම් එම බස් රථ රියදුරන් නීතියට අනුව බස් ධාවනය කළ යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය සදහන් කරනවා. නීති කඩ නොකරන්නේ නම් දඩ මුදලට බියවන්නේ කුමටදැයි එම සංගමය පෙන්වා දෙනවා.

උත්සව සමයේ ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹීම කිසිසේත් අනුමත කිරීමට බැරි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo