fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උරුගුවේ පාවෙන පොත් ප‍්‍රදර්ශනයක්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:10

උරුගුවේ පාවෙන පොත් ප‍්‍රදර්ශනයක්

උරුගුවේ රාජ්‍යයේ පාවෙන පොත් ප‍්‍රදර්ශනයක් පැවැත්වෙනවා. විශේෂ නෞකාවක ප‍්‍රදර්ශනය පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලොව විශාලතම පාවෙන පොත් ප‍්‍රදර්ශනය රැගත් ලෝගොස් හෝප් නෞකාව මේ වනවිට උරුගුවේ වරායෙහි නැංගුරම්ලා ඇති බවයි වාර්තා වන්නේ.

දහස් සංඛ්‍යාත පිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙමින් සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා. 2004 වර්ෂයේ සිට මේ දක්වා නෞකාව දැනුම බෙදාහරිමින් ලොව වටා යාත‍්‍රා කර ඇති දුර නාවික සැතපුම් අනූ පන්දහසක්. රටවල් 60 කින් පමණ පැමිණි ස්වෙච්ඡා සේවකයන් 400 කින් කාර්ය මණ්ඩලය සමන්විතයි.

මේ දක්වා පාවෙන පොත් ප‍්‍රදර්ශනය මිලියන 7 ක පමණ පිරිසක් නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 17:10

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්