විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිතයින් අතර හමුවක් විජේරාම නිල නිවසේදී පැවැත්වුණා.
කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමය ඔවුන්ට ඇති ගැටලු කිහිපයක් විපක්ෂනායකවරයා වෙත මෙහිදී ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් ගත යුතු විසඳුම් පිළිබඳව ද අදහස් ඉදිරිපත් කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.