fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩුබායි සිටින මධුෂ් මේ සතියේදී ගෙන්වා ගැනීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 18:29

ඩුබායි සිටින මධුෂ් මේ සතියේදී ගෙන්වා ගැනීමට සැලසුම්

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් නමැති අපරාධ කල්ලි සාමාජිකයා මෙම සතියේ මෙරටට ගෙන්වීමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ජනාධිපතිතුමා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුලු කිහිප දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේයි මේ බව ප්‍රකාශ කෙරුණේ.

ඒ මහතා රිමාන්ඩ් නොකිරීමට පරිවේෂණ සාක්‍ෂි සහිතව ලබන නඩු වාරයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. එදිනට ඔහු මුදා හැරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කරන බවයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ. නාලක ද සිල්වා මහතා ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ITN News Editor
By ITN News Editor අප්‍රේල් 9, 2019 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්