Update: අද මධ්‍යම රාත්‍රියේ සිය පැවැත්වීමට සුලසුම්කර තිබූ දුම්රිය වර්ජනය නතර කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
මීට ටික වේලාවකට පෙර අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹ තිබෙනවා.
දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්
දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. වෘත්තීය සමිති සහ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර සාකච්ඡාව ආරම්භවීමට නියමිත බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
අවුරුදු සමය තුළ වර්ජනයක නිරත නොවන ලෙසට වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටින බවයි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ. කෙසේවෙතත් වර්ජනයක් කි‍්‍රයාත්මක වුවහොත් ඊට මුහුණදීමට සූදානම් බව ලංකා ගමනා ගමන මණ්ඩලය ද ප්‍රකාශ කළා.