ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවති තරගයේ ජය මැලේසියා කණ්ඩායමට
Related Articles
සිව්කොන් පුහුනු දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවති තරගයේ ජය හිමි කර ගැනිමට මැලේසියා කණ්ඩායම සමත් වුණා.
ජාතික දැල්පන්දු සංගමයයි තරගාවලිය සංවිධාන කරන්නේ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගාවලියට කෙන්යාව,මැලේසියාව හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 04ක් එක්ව සිටිනවා. ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම හා ජාතික දැල්පන්දු කණ්ඩායම වෙන වෙනම තරග සදහා එක්ව සිටීම විශේෂත්වයක්. මැලේසියා කණ්ඩායම සමග පැවති තරගයෙන් 78ට 16ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායමට ලකුණු 62ක පරාජයක් හිමිවුනා.