මාකදුරේ මධුෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ මොහොමඩ් ජබීර් පොලිස් අපරාධ විමර්ෂණ ඒකකයේ ප්‍රශ්න කිරීම්වලින් පසු මුදාහැර තිබෙනවා. මධුෂ් සමග අත්අඩංගුවට ගත් මොහොමඩ් ජබීර් සහ මොහොමඩ් නෂීම් මොහොමඩ් ෆයිසාර් මෙරටට පිටුවහල් කිරිමටයි ඩුබායි රජය පියවර ගත්තේ. ඒ අනුව ඔවුන් ඊයේ (08) ශ්‍රී ලංකාවට පැමිණියා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙන්නේ. මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර ඇති සංඛ්‍යාව 15 ක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.