කුමන හේතුවක් මත හෝ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේ අධිකරණය හමුවට ගෙන යාමට බලාපොරොත්තු නොවන බව ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ පැවති උත්සවයක් අමතමිනුයි අමාත්‍යවරිය මේ බව සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/-d_n0fN7e-g”]
ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කෙරුණේ අමාත්‍යවරියගේ මූලිකත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය මාවෙල සුමන ස්වාමින් වහන්සේ වෙත දිසාපාලකධූර අක්තපත්‍ර ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. අතිපූජ්‍ය නාපාන පේමසිරි, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස යන මහානායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ ඒ විජේතුංග, ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වුණා.