පවතින උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
අද(09), හෙට(10) සහ අනිද්දා (11) දිනවල මිනිස් සිරුරට දැනෙන උණුසුම් වැඩි අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. ඒ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කරමින්.
ඒ අනුව හැකිතාක් ජලය පානය කිරිම , සෙවන ඇති ස්ථානවල රැදී සිටීම , සංවෘත වාහනවල ගමන්කිරිම මෙන්ම , අධික වෙහෙ සකාරි කාර්යයන්වල නිරත නොවීම ද ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයන්, රෝගීන් සහ ගර්භණි මව්වරුන් පිලිබදව ද විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.