ප්‍රවීන සංගීතඥ අභාවප්‍රාප්ත එච්.එම්. ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු තුනට බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිතයි. ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
එච්.එම් ජයවර්ධනයන් මිය යන විට 69 වන වියෙහි පසුවුණා. දහසකට අධික ගී තනු සංඛ්‍යාවක් ශ්‍රී ලාංකේය ගීත කලාවට තිළිණ කළ ඒ මහතාගේ නිර්මාන ශ්‍රී ලාංකේය රසකාමී හදවත් තුළ නොමැකෙන සටහන් රැසක් ඉතිරි කළා. ඒ මහතා නැසීගිය ගායන ශිල්පීනී විශාරද මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියා සහ ජනප්‍රිය ගායන ශිල්පී කසුන් කල්හාර මහතාගේ පියාද වනවා. සදතරු නිහඩයි, ඔබයි රම්‍ය සද කිරන, පූජාසනයේ ඔබ හිදුවා, මා හඩනා කදුලු ගලා, සයුරක් නොදුටු ගගුලක්, ප්‍රේමයේ විල් තෙරේ, පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත් ආදී සහෘද සිත් ආදරයෙන් ආමන්ත්‍රණය කළ ගීත රැසක් එච්.එම්. ජයවර්ධනයන්ගේ අපූර්ව සංගීතයෙන් හැඩගැන්වුණා. මුහුදු ලිහිණි චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකටද සිය සංගීත සංයෝජනය එක් කළ ඒ මහතාට මුහුදු ලිහිණි චිත්‍රපටයේ සංගීත නිර්මානය වෙනුවෙන් ජනාධිපති සම්මානය හිමිවුණත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ තුන්වෙනි යාමය චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ සංගීතය වඩාත් විශිෂ්ට බව පවසමින්.